රු.250/= රයිස් එක කන්නේ පරිස්සමින්.



පි හැමෝම ආසයි රයිස්, කොත්තු වගේ කෑම කන්න. ඒ වගේම තමයි මේ දවස් වල ගොඩක් දෙනා අතර Facebook එකේ කතා වෙන 250 රයිස් එක ගොඩක් ජනප්‍රිය වෙලා. අපේ ව්‍යාපාරික මහත්වරුත් දැන් හැමතැනම වගේ 250 රයිස් එක දෙන්න පටන් අරන්.
අපේ ආහාර පුරුදු  හා ලෙඩ රෝග කියන්නේ ගහට පොත්ත වගේ ලොකු සම්භන්ධයක් තියෙන දෙයක්. මේ වගේ ආහාර වර්ගත් සමග ඇති වෙන දෙයක් තමයි බෝ නොවන රෝග කියන්නේ. මේ ලෙඩ රෝග ගොන්න අතරින් අද බහුලව ඇහෙන ලෙඩක් තමයි පිළීකා කියන්නේ.
පිිළිකා ඇතිවෙන්න හේතුවක් විදියට අපට දක්වන් පුලුවන් අධික තෙල් සහිත ආහාර ගැනීම. ඒ වගේම එක් වරකට වඩා භාවිතා කරන ලද තෙල් යොදාගෙන ආහාර නිෂ්පාදනය කරනවනම් එම අවදානම තවත් වැඩි වෙනවා.
අද වන විට ආහාර කල් තියා ගන්න, වර්ණ ගන්වන්න හා රසකාරකයන් විදිහට භාවිත කරන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක විදිහට ක්‍රියා කරන බව හොයා ගෙන තියෙනවා. මේ දේවල් නොදා අපි රස කරකර කන රයිස් එක හදන්න බෑනේ ද?

ඒවගේම තමයි මෙම ආහාර වර්ග සකස් කරන විට සිදුකරන ක්‍රියාකාරකම් මත උනත් පිළීකාකරක තත්වයන් ඇති වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට සම සහිතව සකස් කරන කුකුළු මස් දක්වන්න පුලුවන්.
ඔබ මේවගේ කෑම වර්ග කන්නේ මේ දේවල් දැනගෙන වෙන්නත් ඇති සමහර විට නොදෙන වෙන්නත් ඇති. ඒත් අද ඔබ පරිස්සම් උනොත් හෙට ඔබේ ජීවිතේ ලෙඩ රෝග වලින් තොරව ගොඩක් ලස්සන වෙයි.




ඔබගේ අදහස් හා ‌යෝජනා ‌යොමුකරන්න | Email Us Your Comments & Suggestions
අපගේ Facebook පිටුව සමග එකතු වන්න | Find Us On Facebook
අපගේ YouTube නාලිකාව සමග එකතු වන්න | Watch Us on YouTube

අපගේ Blog පිටුව සමග එකතු වන්න | Join our Blog Page

සෞඛ්‍යමත් හෙට දවසක් වෙනුවෙන්
PHI Mahattaya | පී.එච්.අයි මහත්තයා
Excellent Health Service For The Nation

Post a Comment

1 Comments

  1. කාලීනවැදගත් මාතෘකාවක්

    ReplyDelete