අපිරිසිදු ‌ලෙස ආහාර විකිණු මාතර ‌‌වෙළදුන්ට වැඩ වරදී!

මාතර අප ස්වාමි දුවගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හේතුවෙන් මාතර නගරයේ ආහාර පරිහරණ ආයතන විශේෂ පරීක්‍ෂාවක් මාතර මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් 2019 සැප්තැම්බර් මස 04  සිට 08 වැනිදා තෙක් අඛණ්ඩව  සිදු කරන ලදි.

මෙහිදී මාතර මහජන පොළ මෙන්ම ආහාර පරිහරණ ආයතන රාශියක් පරීක්‍ෂාවට ලක් කරන ලදි. අපිරිසිදු ලෙස විකුණනු ලබන ආහාර, මහජනයා හට සනීපාරක්‍ෂාවට අහිතකර හා මනුෂ්‍ය පරිභොජනයට නුසුදුසු ආහාර නිෂ්පාදන මෙන්ම ලේබල් රෙගුලාසි උල්ලංඝණය කරමින් අළෙවි කරන ලද නිෂ්පාදන හා ඒවා අළෙවි කළ ආයතන විශාල සංඛ්‍යාවක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් සොයා ගන්නා ලද අතර ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන ලදි. මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් අදාල ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග මෙන්ම නිවේදන ලබා දීමද සිදු කරනු ලැබුවේය.
ඉදිරියටත් මහජනයා වෙනුවෙන් මෙවැනි වැටලීම් සිදු කරන බවට මාතර මහා නගර සභාව සදහන් කරයි. 
මේ සදහා මාතර මහා නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එරාජ් වීරසූරිය මහතා සමග  කේ. රුවන්,  වී. පී. ධම්මික, ජේ. පී. අබේවික්‍රම, පී. බණ්ඩාර, ඩී. මනෝජ්, ආර්. අඩස්සූරිය, හසන් යසුරු, එස්. රංගජීව, එස්. රාජපක්‍ෂ, එම්. දිසානායක යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහභාගී විය.

වීඩියෝ දර්ශණ හා ඡායාරූප පහළ දක්වා ඇත.



සෞඛ්‍යමත් හෙට දවසක් වෙනුවෙන්
PHI Mahattaya | පී.එච්.අයි මහත්තයා
Excellent Health Service For The Nation





Post a Comment

0 Comments